බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් ?

2019 අයවැය සම්මත වුවහොත් මුදලේ අගය මෙන්ම බැංකු පද්ධතියද කඩා වැටීමේ අවදානමක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

ඊයේ් (12) පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම මෙම අයවැය සම්මත වීමෙන් පසු දරුණු අර්බුදයකට රට මුහුණ දෙන බවත් මුදලේ අගය කඩා වටීමට හා බැංකු ක්‍රමයේ බිඳවැටීමටද ඉඩ ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය

මේ අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  නියෝජිතයින් සඳහන් කළේ රටට අවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා රටේ විදෙස් සංචිත  ප්‍රමාණවත්ව පවතින්නේ මාස 3ක කාලයක් සඳහා පමණක් බවය.

Exit mobile version