ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර ප්‍රථම නිල සාකච්ඡාව අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන නිල සාකච්ඡා අදින් ආරම්භවිමට නියමිතයි.

අද(14) උදෑසන මෙම සාකච්ඡා පැවැත්විමට නියමිත බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ඉදිරි අනාගතයේදී දේශපාලන කටයුතු සිදු කරන ආකාරය ගැන අද දින සාකච්ඡාව සඳහා බඳුන් වනු ඇති බව නිදහස් පක්ෂ මහ ලේකම්වරයා පවසයි.

මෙම සාකච්ඡාව සඳහා නිදහස් මනසකින් යුක්තව එක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version