බෙදීමක් ඇති පක්ෂ දෙකක් ගැන චන්දිම කියයි

අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර බෙදීමක් ඇතිව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසා සිටියි.

ඊයේ (13) පස්වරුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අයවැය දෙවෙනි වර කියවීමට විරුද්ධව ඡන්දය ලබා දීමෙන් වැළකී සිටි බවත් ඒ තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර බෙදීමක් ඇතිවූ බවත් ඒ මහතා සඳහන් කර සිටියි.

නැවතත් ජනාධිපතිවරයා පොදුජන පෙරමුණ හා එක් කොට ශක්තිමත් කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නොමැති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරයි.

Exit mobile version