ඉදිරියේදී පාසල් තුළ හෙළ බොජුන් හල්

ඉදිරියේදී පාසල් තුළ හෙළ බොජුන් හල් ඉදිකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නිවැරදි ආහාර රටාවකින් තොරවීම හේතුවෙන් දරුවන්ගේ සෞඛය ගැටළු ප්‍රමාණාත්මකව වර්ධනය වීමෙන් බෝ නොවන රෝග සඳහා ගොදුරු විමට ඇති ඉඩකඩ වැඩිවීම අවම කිරීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

බෝ නොවන රෝග හේතුවෙන් දිනකට පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත්, ඊට ප්‍රධානතම හේතුව වශයෙන් නිවැරදි ආහාර රටාවක් අනුගමනය නොකිරීම බව බෝ නොවන රෝග නිවාරණය වෙනුවෙන් රැස්වූ අවස්ථාවේදී අනාවරණය කරන ලදි.

කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) රැස්වීය.

පාසල් තුළ ඉදිකරනු ලබන හෙළ බොජුන් හල්හි ආහාර නියාමනය පාසල් තුළ පිහිටවනු ලබන ආහාර කමිටු හරහා සිදු කිරීමට නියමිතය.

Exit mobile version