බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් 3ක් මාට්ටු

බගවන්තලාව පොලිස් වසමේ කොටියාගල ප්‍රදේශයේ පිහිටි ඇළක් තුළ ඊයේ (14) දින බලපත්‍ර නොමැතිව අනවසරයෙන් මැණික් ගැරූ සැකකරුවන් තිදෙනෙකු බගවන්තලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇති අදාළ සැකකරුවන් වයස අවුරුදු 47, 52, හා 53 යන වයස්වල පසුවන බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

සැකකරුවන්ට මෙම මස 19 දින නුවරඑළය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ බගවන්තලාව පොලීසිය පවත්වනු ලබයි.

Exit mobile version