වාර්ෂිකව ජනතාවගේ සෞඛ්‍ය ගැටළු පරීක්ෂාවට පියවර

බෝ නොවන රෝග හේතුවෙන් මෙරට රෝහල් තුළදී මියයන සියට අසු දෙකක ප්‍රතිශතය අවම කිරීමේ වැඩපිළිවෙලක් සැළසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පවුලේ වෛද්‍යවරුන් බිහිකිරීම මඟින් වාර්ෂිකව ජනතාවගේ සෞඛ්‍ය ගැටළු පරීක්ෂා කීරීමට පියවර ගන්නා බවයි.

මහජන සෞඛ්‍ය හෙද නිළධාරීන් පිරිසක් සඳහා මාස 06 පුහුණුවක් ලබා දීමෙන් පසු කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

Exit mobile version