විවිධ නලා සවිකර ඇති වාහන සොයා විශේෂ වැටලීමක් – ඡායාරූප

මොණරාගල පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන දහඅටම ආවරණය වන පරිදි විවිධ නලා වර්ග සහ බල්බ යොදා ධාවනය වන වාහන සොයා ඊයේ(14) උදෑසන සිට මධ්‍යම රාත්‍රි දක්වා විශේෂ රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක විය.

මෙම මෙහෙයුමේදී විශේෂයෙන්ම බස් රථ සහ ටිපර් රථ පරීක්ෂාවට ලක් වූ අතර එම රථ වාහන වල අධික ශබ්දයක් සහිත විවිධ නලා වර්ග සවිකර තිබිණි.

මෙම මෙහෙයුමේදී එවැනි නලා වර්ග සවිකල රථ වාහන 148 කට අධිකරණය හමුවේ නඩු පැවරූ අතර මෙවැනි මෙහෙයුම් මොණරාගල කොට්ඨාශය පුරා අඛණ්ඩව සිදු කරන බව පොලිසිය පවසයි.

 

 

Exit mobile version