මොසැම්බික් රාජ්‍යට අනතුරු ඇඟවීමක්

මොසැම්බික් රාජ්‍යට දරුණුතම සුළි කුණාටුවක බලපෑම එල්ලවීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

“ඉඩායි” ලෙස නම් කර ඇති එම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 165ක පමණ වේගයකින් එරට වරාය නගරයක් වෙත කඩා වැදෙනු ඇති බව වාර්තා වෙයි.

සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 5ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.

Exit mobile version