හෙට, අනිද්දා වැස්සේ වැඩිවීමක්

හෙට(17) සහ අනිද්දා(18) දිනයන්හිදී විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.

අද(16) දින සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

හම්බන්තොට, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Exit mobile version