අනවසරෙන් මැණික් ගරමින් සිටි 7ක් පොලිස් අත්අඩංගුවට

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ තේ වත්තේ පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි හත්දෙනෙක් සැකපිට අද(18) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

කොටියාගල වතුයායේ තේ වත්ත මැද තේ ගස් ගලවා විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් මෙම ජාවාරම්කරුවන් පිරිස අවසරෙන් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසිය විසින් වැටලිමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද පොලිස්භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් එම වතුයායේම පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Exit mobile version