නවසීලන්තයේ ගිනි අවි නීති සංශෝධනයට එරට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

නවසීලන්තයේ ගිනි අවි පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහා එරට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අද (18) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබද තමන් ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වු බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් ප්‍රකාශ කර ඇත.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සිදු වු ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ එරට ගිනි අවි පිළිබඳ පවතින නීති කඩිනමින් සංශෝධනය වියයුතු බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබුණී.

Exit mobile version