විදෙස් ගිනි අවියක් සමඟ අයෙක් මාට්ටු

කොටදෙනියාව ගුදන්වත්ත ප්‍රදේශයේ දී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් සොයාගෙන තිබේ.

සැකකරු 59 හැවිරිදි කොටදෙනියාව, බෙලිගස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

ඔහු අද(19) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version