කුඩු එක්ක කතක් අල්ලයි

හෙරොයින් ග්‍රෑම් 03ක් හා මිලිග්‍රෑම් 660 ක් සමඟ කාන්තාවක් ගල්කිස්ස පොලීසිය විසින් ඊයේ(18) දින අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගල්කිස්ස පොලිස් වසමේ ඔබන් පෙදෙස ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

එම සැකකාරිය වයස අවුරුදු 55 ක් වු එම ප්‍රදේශයේ ම පදිංචි කාන්තාවක් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකාරිය අද(19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version