නීති විරෝධීව වෙළදාම් කළ විදේශිකයෙක් කොටුවෙයි

පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ දී සංචාරක වීසා මත මෙරටට පැමිණ වෙළෙදාම් කටයුතු කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොළොන්නරුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද(19) දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොළොන්නරුව පොලීසිය සිදුකරයි.

Exit mobile version