ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි භාර ගැනීම අදින් අවසන්

රාජ්‍ය ආයතනවල සිදුවූ බව කියන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි භාර ගැනීම අද(19) පස්වරු 05.00 ට අවසන් වේ.

2015 වසරේ ජනවාරි මාසයේ සිට 2018 වසරේ දෙසැම්බර් මස 31 වන දින දක්වා රාජ්‍ය ආයතනවල සිදුවූ දුෂණ, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම්, දේපල සාපරාධී පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත් කළේය.

ජනවාරි මස 29 වනදා සිට කොමිසමට පැමිණිලි භාර ගැනීම ආරම්භ කෙරුණු අතර අද දිනය වන විට පැමිණිලි දහසකට අධික සංඛ්‍යාවක් ලැබී ඇත.

Exit mobile version