සාලමුල්ල “ලක්සද සෙවණ” නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අඩු ආදායම්ලාභී පවුල් සදහා ඉදිකෙරුණු කොළොන්නාව, සාලමුල්ල ,”ලක්සද සෙවණ” නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර ඊයේ (08) පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමේ උත්සවය පැවැත්වුණි.

සමරු ඵලකය නිරාවරණය කර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපති එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. නිවාසලාභීන් 11 දෙනෙකු වෙත නිවාසවලට අදාළ යතුරු භාරදීම ද ජනපති අතින් සිදු විය.

නිදන කාමර දෙකකින් සහ සියලූ පහසුකම්වලින් සමන්විත මෙම නිවාස ඒකකයක ඉදිකිරීම් හා සේවා සැපයීම් වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 04 කි. මහල් 12 කින් සමන්විත නිවාස සංකීර්ණය සදහා වැයකර ඇති මුළු පිරිවැය රුපියල් ලක්ෂ 15,840 ක් වේ.

Exit mobile version