කුඩු එක්ක අයෙක් කොස්ගම දී අත්අඩංගුවට

හෙරෝයින් ග‍්‍රෑම් 104යි මිලිග‍්‍රෑම් 800ක් සමඟ යතුරුපැදිකරුවෙකු කොස්ගම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අවිස්සාවෙල්ල සිට හිගුරල කන්ද දෙසට ගමන් කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

කොස්ගම පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුවක්පිටිය ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප‍්‍රශ්නකිරිම් වලදි අණාවරණය වුණේ ඊෂි කෑෂ් ක‍්‍රමයට හෙරෝයින් අලෙවිකරන බවයි.

Exit mobile version