පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර දෙවන සාකච්ඡාව අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් වන දෙවන වටයේ සාකච්ඡා අද (21) පැවැත්වීමට නියමිතව ඇත.

විපක්ෂනායක කාර්යාලයේදී අද පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර පළමු වටයේ සාකච්ඡා පසුගිය 14 වනදා පැවැත්වුණි.

Exit mobile version