හොර නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් වටලයි

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ස්ථානයක් පවත්වගෙන ගිය පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ව්‍යාජ රුපියල් 1000 නෝට්ටු 05ක් සහ ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 03ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයා විසින් ඒවා මාරු කිරීම සඳහා ඔවුන් වෙත ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

පසුව පොලීසිය විසින් කැළණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මුද්‍රණාගාරය වටලා ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු 27 සහ ව්‍යාජ රුපියල් 500 මුදල් නෝට්ටු 04ක් සමඟ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ.

මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා භාවිතා කළ මුද්‍රණ යන්ත්‍රයක් සහ පරිඝණක යන්ත්‍රයක් ද එහිදී පොලීසිය බාරයට ගෙන තිබේ.

Exit mobile version