Home දේශීය පුවත් ඩෙංගු යළිත් – හෙට අනිද්දා පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ඩෙංගු යළිත් – හෙට අනිද්දා පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

0
ඩෙංගු යළිත් – හෙට අනිද්දා පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි  දිවයිනේ සියලු ම පාසල් ඩෙංගුවලින් තොර කලාපයන් බවට පත්කිරීම අරමුණු කරගනිමින් තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණයට පෙර හෙට (10) සහ 11 යන දෙදින පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට කටයුතු යොදා ඇත.
එසේම 2018 වසරේ නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර පාසල් පරිශ්‍රයන්  පිරිසිදු කිරීම දෙසැම්බර් 30 සහ 31 දෙදින සිදු කෙරේ.
අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන  අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සියලු ම විද්‍යාපීඨයන්හි පීඨාධිපතිවරුන්, ගුරුවිද්‍යාල ප්‍රධානීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත්තේ වැසි සමයත් සමඟ පාසල් පරිශ්‍රයන් තුළ ඩෙංගු මදුරු කීටයන් බෝ වීමේ අවදානමක් මතුව ඇති අතර තත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version