ජීව අත්බෝම්බයක් සමඟ අයෙක් අත්අඩංගුවට

වැලිපන්න, නුගගහලන්ද ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(22) විශේෂ කාර්ය බලකාය අලුත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරු වැලිකුඹුර, මතුගම ලිපිනයේ පදිංචි වසස අවුරුදු 43ක් වන අයෙකි.

සැකකරු අද(23) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැලිපන්න පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු විසින් සිදුකරනු ලබයි.

Exit mobile version