මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු මාස 3කට අත්හිටුවයි

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු මාස තුනක කාලයක් අත්හිටුවීමට මන්නාරම මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ, අදාළ කැණීම් සම්බන්ධයෙන් ඊයේ(22) පස්වරුවේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

දැනට කැනීම් මඟින් විවෘත කොට තිබෙන සමූහ මිනිවළ තුළින් ගොඩ ගැනීම සිදුනොකොට මිනිවළ තුළින් මතුකරගෙන ඇති අස්ථි කොටස් මාස තුනක කාලයක් විවෘතව තැබීමෙන් අදාළ අස්ථිවලට හානියක් සිදුවෙතැයි යන සැකය මත දැනට මතුව තිබෙන අස්ථි කොටස්ද පස් දමා තාවකාලිකව වසා දැමීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අදාළ කැණීම් කටයුතු සම්බන්ධයෙන් පුරාවිද්‍යා වාර්තාව මාස තුනක කාලයක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මන්නාරම මහේස්ත‍්‍රාත්වරයා මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කැණීම් කටයුතු සිදුකළ කණ්ඩායම වෙත දැනුම් දී තිබෙන බවට සඳහන් වෙයි.

Exit mobile version