උතුරු පළාත් නියෝජිතයින් අදාළ කාර්යයන් ඉටුකර නෑ – දයාසිරි

පළාත් සභා මඟින් බලය ලබාදුන්න ද උතුරු පළාත ඇතුළු පළාත්වල නියෝජිතයින් ඊට අදාළ කාර්යයන් ඉටුකර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියි.

පළාත් සභාවලට තවත් බලය ඉල්ලීම වෙනුවට දෛනික කටයුතු පවත්වාගෙන යා හැකි ආණ්ඩුවක් බිහිකර ගත යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

යාපනය ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Exit mobile version