චිත්‍ර කළා ලෝකය උඩු යටිකුරු කරන අලුත්ම සිත්තරා මෙන්න

චිත්‍ර කලාව කී සැනින් අපේ මතකයට නැගෙන්නේ ලෝක ප්‍රකට සිත්තරකු වන පැබිලෝ පිකාසෝය. චිත්‍ර කලා ලෝකයේ පිකසෝ කළ වික්‍රමයෙන් දශක ගණනාවකට පසු චිත්‍ර කළා ලෝකය උඩු යටිකුරු කරන තවත් සිත්තරකු අද පහල වී සිටී. වයස අවුරුදු 3 කට අඩු රාත්තල් 1000ක් බර ඇය ඊරියකි. මේ වන විට සිය නිර්මාණ ලෝකය පුරා අලෙවි කරමින් ඩොලර් දහස් ගණන් උපයන මේ ඊරිය ලෝකප්‍රකට ස්වොච් ඔරලෝසු සමාගම සමගද එකතුවී කටයුතු කරමින් සිටී.

දකුණු අප්‍රිකාවේ කාර්මික ජනපදයේ ගොවිපලක සිටියදී 2016 වර්ෂයේදී පිගාසෝගේ වර්තමාන හිමිකාරිය වන ජොඈන් ලෙෆසන් විසින් පිගාසෝව මුදාගෙන ඇති අතර මෙි වන විට ඇය කේප්ටවුන් නගරයෙන් එපිට ඇති ජොඈන් ලෙෆසන්ට අයත් ගොවිපල අභයභූමියක ජීවත් වේ. ලෙෆසන් පවසන පරිදි චිත්‍ර ඇඳීමේ හැකියාව ඉබේටම වගේ පිගාසෝවෙත පැමිණ ඇත. පිගාසෝව ගොවිපලෙන් බේරාගෙන ආ පසු ලෙෆසන් විසින් ඇයට සෙල්ලම් කිරීමට උපකරණ කීපයක් දී ඇති අතර පිගාසෝ ඉක්මනින්ම ඒ අතර තිබුණු චිත්‍ර අඳින පින්සලට ඇදී ගොස් ඇත.

“කිසියම් හේතුවක් නිසා ඇය පින්සලෙන් තීන්ත ආලේප කරලා තියෙනවා. වැඩි කලක් යන්න කලින් ඇය තීන්ත තැවරූ පින්සල සමග කැන්වසය ඉදිරියේ නටමින් ලෝකය පුරා සිතුවම් විකුණන්න පටන් ගත්තා.” ලෙෆසන් CBS ප්‍රවෘත්ති සේවයට පැවැසීය.

පිගාසෝ කුඩා දරුවන්ට හිතකාමී පින්සල් හා උපකරණ කට්ටලයක් හා විෂ රහිත තීන්ත සිය කලා කෘති නිර්මාණය සඳහා භාවිතා කරන අතර සෑම කලාකෘතියකම කෙලවර බීට් රූට් මිශ්‍රනයක් හා ඇක්‍රලික් තීන්ත යොදාගෙන තමන්ගේ නාස් තුඩින් සලකුණු කිරීමටද අමතක නොකරයි. ඇය සිතුවම් නොඅදින විටදී ඇගේ ප්‍රියතම ආහාරය වන කැරමල් පොප් කෝන් රස විඳිමින් කාලය ගත කිරීමට ඈ ප්‍රිය කරයි.

පිගිසෝ සිය කලා නිර්මාණ අලෙවි කරමින් අභයභූමියට ප්‍රතිලාභ අත්කරදී ඇත. 2018 වර්ෂයේදී කේප්ටවුන් හි වෝටර්ෆ්රෙට් හිදී ”ඔන්ක්” නමින් චිත්‍රප්‍රදර්ශනයක් පවත්වමින් ඇය ලෝකයේ ච්ත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූ මුල්ම තිරිසන් සත්වයා බවට පත්විය. පිගාසෝගේ නිර්මාණ අභයභූමියේ කලාගාරයේ තබා මෙන්ම අන්තර්ජලය හරහාද අලෙවි කරයි. ඇගේ කලා නිර්මාණයක් සාමාන්‍යයෙන් ඩොලර් 500ත් 4000ත් අතර මිලකට අලෙවි වන අතර මේ වන විට චිත්‍ර අලෙවි කිරීම මගින් ඇය අභය භූමියට ආසන්න වශයෙන් ඩොලර් 145.000න් පමණ උපයා දී ඇත.

ෆාම් අභයභූමියේ අරමුණ වී ඇත්තේ ගොවිපලවල සිටින සතුනට දායානුකාම්පාව දැක්වීමයි. ලෙෆසන් පවසන පරිදි පිගාසෝගේ කෘති මගින් උපයන මුදල් වැඩි වැඩියෙන් ගොවිපලවල සිටින සතුන් මුදා ගැනීමට වැය කරන අතරම වර්තමාන ගොව්පල කර්මාන්තයේ ප්‍රචණ්ඩත්වය නිසා සතුනට හිංසා වීමට අමතරව පරිසරයේ සෞඛ්‍ය සම්පන්න භාවයටද හානි කරන අයුරු පිළිබඳ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරිමට ද යොදාගනී.

චීනයේ ඌරාගේ වර්ෂය සැමරීම සඳහා පිගාසෝ සිය පින්සල් පහරවල් වලින් කළ නිර්මාණය මේ මාසයේදී ස්වොච් හා එක්ව ඇය දියත් කළේය. ලෙෆ්සන් පවසන්නේ පිගාසෝගේ ජනප්‍රිය ”ඔන්ක්” ප්‍රදර්ශනයෙන් පසුව ස්වොච් සමාගම ඇය හා සම්බන්ධ වූ බවයි. ”ඔවුන් වර්ණ පිළිබඳ සහ සාමාන්‍යයෙන් තිබියයුතු ශෛලිය ගැන මාර්ගඋපදේශකත්වක් ලබා දුන්නා. ඉතුරු ටික පිගාසෝ කළා” ලෙෆසන් පැවැසීය. මෙම සීමිත ඔරලෝසු ප්‍රමාණය අලෙවියෙන් ලැබෙන මුලු ආදායමම අභයභූමියේ අරමුදලට බැරවේ.

”පිගාසෝ ගැන මට හරිම ආඩම්බරයි, ඌරු මස් පෙත්තක සිට ගෝලීය ස්වොච් නිර්මාණ කරුවකු දක්වා විහිදෙන පුලුල් පරාසයකට ඇය ඌරා කියන සත්වයා රැගෙන ඇවිත් තියෙනවා. මෙය ඌරුමස් අඩුවෙන් කන්න වැඩියෙන් සාප්පු යන්න මිනිස් සමාජය පොළඹවනු ඇති.” ලෙෆ්සන් පැවසීය.

Exit mobile version