දියර කිරි ප්‍රචලිත කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

මහජනතා වෙත දියර කිරි ප්‍රචලිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රට තුළ කිරිපිටි භාවිතය අවම කිරීමට නම් දියර කිරි ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි.

කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Exit mobile version