Home දේශීය පුවත් 2022 වන විට කොළඔට ජල සැපයුම අඛණ්ඩව

2022 වන විට කොළඔට ජල සැපයුම අඛණ්ඩව

0
2022 වන විට කොළඔට ජල සැපයුම අඛණ්ඩව

කොළඔ ජල සැපයුම වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතිය මඟින් ජල නල එළීම ආරම්භ කිරිමෙන් පසු, කොළඔ නගරයේ ජල කාන්ඳු වීම නිසා සිදු වන ජලය අපතේ යාම 49% සිට 41% දක්වා අඩු වි තිබෙන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

මෙම ජල කාන්දුවිම හේතුවෙන් කොළඔ නගරයේ ජනතාවගේ 30%කට පමණ ජලය ලැබෙන්නේ දිනකට පැය 4ක හෝ 5ක් පමණි. නමුත් මෙම ව්‍යාපෘතිය 2022 දි අවසන් විමෙන් පසු ජල කාන්දුව සිදු නොවන බැවින් මුළු කොළඔ නගරයට ම පැය 24 පුරා අඛණ්ඩව ජලය සැපයිමට හැකි වන බව එම ව්‍යාපෘතියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (නැගෙනහිර) ඉන්ජිනේරු එස්.අබ්දුල් රෂිඩ් මහතා පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ රුපියල් බිලියන 45ක වියදමෙන් අරඔා ඇති මෙම ජල සැපයුම වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතියේ ඉදිකිරිම් කොන්ත්‍රාත් සමාගම් 4ක් මඟින් සිදු කෙරේ.

මෙහි පළමු අදියර මේ වසරේ දෙසැම්බර් මාසයේ දී සහ දෙවන අදියර 2020 දිත්, තුන්වන අදියර 2021 දිත් නිම කිරිමට බලාපොරොත්තු වන අතර 2022 දි මුළු ව්‍යාපෘතියම නිම කළ හැකි වනු ඇතැයි කොළඔ ජල සැපයුම් වැඩි දියුණු කිරිමේ ව්‍යාපාති කාර්යාලයේ අද(28) පැවැති මාධ්‍ය හමුවේදී රෂිඩ් මහතා පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version