විදෙස් රටවලින් වෛද්‍ය උපාධිය ලබාගත් වෛද්‍ය උපාධිධාරින්ට මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙන්න බෑ

උසස් පෙළ විභාගය අසමත් වී විදෙස් රටවලින් වෛද්‍ය උපාධිය ලබා මෙරටට පැමිණෙන කිසිදු වෛද්‍ය උපාධිධාරියෙකු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොකිරීමට ශ්‍රි ලංකා වෛද්‍ය සභාව තීරණය කර තිබේ.

නව ලියාපදිංචිය සදහා වෛද්‍ය උපාධිධාරීන් පිරිසක් වෛද්‍ය සභාවට ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබු අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකු උසස් පෙළ විභාගය අසමත් අය බවට අනාවරණය වී තිබේ.

එම සිසුන් විදෙස් රටවලින් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් පිරිසක් වන අතර ඔවුන්ට ද ලියාපදිංචිය ලබාදිය යුතු බවට වෛද්‍ය සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව සදහන්.

කෙසේවෙතත් අදාළ යෝජනාව සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ සාමාජිකයින් අතර ඡන්ද විමසීමක් පවත්වා ඇති අතර එහිදි යෝජනාවට පක්ෂව ඡන්ද 07ක් ද විපක්ෂව ඡන්ද 10ක් ද ලැබී ඇති බව වාර්තා වන්නේය.

ඒ අනුව අදාළ යෝජනාව වෛද්‍ය සභාවේ පරාජයට පත්වීමත් සමඟ මින් ඉදිරියට උසස් පෙළ අසමත් කිසිදු වෛද්‍ය උපාධිධාරියෙකුට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබානොදීමට තීරණය වී තිබේ.

Exit mobile version