උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අාකාරයට දිවයිනට නැගෙනහිර දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා දිවයිනේ උතුරු අර්ධයේ වැසි සහ අහස වලාකුලින් බරව පවති යැයි බලාපොරොත්තු විය හැක.

උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකිය.

උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සමහර ස්ථානවල මි.මී.100 වැඩි තද වැසි ද ඇති විය හැකිය.

ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේඉන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටීයි.

Exit mobile version