ශ්‍රී පාද රක්ෂිතයට මායිම්ව තිබූ වන වගාවක ගින්නක්

නල්ලතන්නිය, ලක්ෂපාන තේ වතුයායේ, තේ කම්හලට ඉහළින් පිහිටි ශ්‍රී පාද රක්ෂිතයට මායිම්ව ඇති වන වගාවක අද (31) පෙරවරුවේ ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් මේ වන විට එහි අක්කර 05ක් පමණ සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇත.

නල්ලතන්නිය පොලිස් ස්ථානායේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ රිකාටන් කඳවුරේ නිලධාරීන්, මාවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ඇතුලු පිරිස ප්‍රදේශවාසීන් සමඟ එක්ව මෙම ගින්න පැතිරයාම වළක්වමින් නිවා දැමීමට පැය කීපයක් තිස්සේ උත්සාහා කළද ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාළගුණය හා දැඩි සුළං තත්වයත් සමඟ ගින්න සීඝ්‍රයෙන් පැතිර යන බව පොලිස්ථානාධිපවරයා පවසා ඇත.

සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඉල්ලා ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පවසා තිබේ.

Exit mobile version