එජාපය සමඟ ජාතික ආණ්ඩු හදන්නේ නෑ – ඩිලාන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු ආකාරයකින් එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩුවක් සකස් කර ගැනීමට කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

විපක්ෂය පාර්ශවයෙන් ජනාධිපතිවරයා සඳහා ඉදිරිපත්වන අපේක්ෂයා ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තවමත් තීරණකට එළඹ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ ජනාධිපතිවරයට සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපෙක්ෂකයා නම් කරන තුරු විපක්ෂය පැත්තෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා නම් නොකරන බවයි.

Exit mobile version