බොරැල්ල රථවාහන OIC අනතුරට ලක්කළ රියදුරුට ඇප

ඉකුත්දා බොරැල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමේ සිද්ධියේ ඩිෆෙන්ඩර් වාහනය පැදවූ රියැදුරු වන නවිදු රත්නායක ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 05 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියම කර තිබේ.

පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සැකකරුවන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වන වගන්තිය යටතේ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව නඩුව නැවත අප්‍රේල් මස 22 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 08 දෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

Exit mobile version