අත්අඩංගුවට ගත් කොකේන් විනාශ කිරීම ඇරඹේ

මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයෙන් ආරම්භ වී ඇති බවට වාර්තා වෙයි.

එම අවස්ථාව මේ වන විට කැලණිය මගුරුවෙල පිහිටි ගබඩා සංකීර්ණයකදී සිදු වෙයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මුලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සිදුකෙරෙනු ඇත.

පොලීසිය මගින් සිය භාරයට ගන්නා මත්ද්‍රව්‍ය සදහා සිදුවන දේ සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින ගැටලුවට විසදුමක් ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

Exit mobile version