ශ්‍රිලනිපයේ අයවැය ඡන්ද විමසීම ගැන අවසන් තීන්දුව එළඹෙන 4 වැනිදා

අයවැය අවසන්වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිතා කිරීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඊයේ (02) පැවති සාකච්ඡාවේදීත් අවසන් තීන්දුවක් නොගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු  වැඩිදුරටත් සඳහන් කළේ අයවැය ඡන්ද විමසීම පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට එළඹෙන 4 වනදා නැවත රැස්වෙන බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ (02) ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

Exit mobile version