Home දේශීය පුවත් ඩුබායිහි සිට මෙරටට ආ රංගන ශිල්පී රයන් ඇතුළු 5දෙනා CID ට

ඩුබායිහි සිට මෙරටට ආ රංගන ශිල්පී රයන් ඇතුළු 5දෙනා CID ට

0
ඩුබායිහි සිට මෙරටට ආ රංගන ශිල්පී රයන් ඇතුළු 5දෙනා CID ට

ඩුබායිහිදී මාකඳුරේ මදූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් ඇන්තනී ඇතුළු පස්දෙනෙකු අද(04) අළුයම දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඔවුන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන තිබේ.

අද අළුයම 5.25 ට පමණ UL 266 දරන ගුවන් යානයකින් ඔවුන් මෙරටට පැමිණ තිබේ.

දිවයිනට පැමිණි අය වන්නේ, රයන් හිලරි ඇන්තනී වෑන්රූලියන්, මොහොමඩ් වෂීම්ඩීන් මොහොමඩ් කුතුබ්දීන්, දිමුතු සුරන්ත පෙරේරා, සුරාජ් කාවින්ද සිල්වා හා කොඩිකාර ආරච්චිගේ චරිත් පත්මන් නැමැති අයයි.

මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහීදී අත්අඩංගුව පත්ව එරටින් පිටුවහල් කළ 8 දෙනෙකු පසුගිය දින කිහිපයේදී දිවයිනට පැමිණියේය.

ඒ අතර ගායන ශිල්පි නදීමාල් පෙරේරා, මොහොමඩ්  සිද්ධික් මොහොමඩ් සියාම්, ඇන්ඩර්සන් ෆර්ඩිනැස්ඩස්, ලංකා සජිත පෙරේරා, කංජිපානී ඉම්රාන්, ලලිත් කුමාර, අනුෂ්ක කවිෂාල් හෙවත් ජංගා, අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ද වෙයි.

ඒ අතරින් අත්අඩංගුවට ගැණුනු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් මාස 3ක රැඳවුම් නියෝගමත සිටින අතර බන්ධනාගාර නියාමක ලලිත් කුමාර අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා සහ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල මේවන විට රක්ෂිත බන්ධනාගාරව පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version