ගජමුතු දෙකක් විකුණන්න ගිය 2ක්ට වැඩ වරදී

අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගජමුතු දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු දඹගල්ල, නිලවබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සියඹලාණ්ඩුව විශේෂ කාර්යය බලකා නිලධාරින් සහ දඹගල්ල පොලිසිය එක්ව සිදු කළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 50 සහ 67 හැවිරිදි දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් අද(04) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන දඹගල්ල පොලීසිය සිදු කරයි.

Exit mobile version