STF සෙබලෙක් සියදිවි නසා ගනී

අරලියගහ මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු අද(04) උදෑසන ආරක්ෂක මුරපොළේදී සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

අරලියගහ මන්දිරය අසල ඇති මයිකල් වටරවුම ආසන්නයේ මුරකුටියක් තුළ දී මෙම සෙබලා වෙඩි තබා ගෙන තිබේ.

මෙලෙස වෙඩි තබා ගැනීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වයසැති ගොඩදෙණියලාගේ දිල්රුක්ෂ සමරසිංහ යන පොලිස් විශේෂ කාර්ය බලකාවට අයත් පොලිස් කොස්තාපල්වරයෙකි.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙය සිදු කරන්නට ඇතැයි පොලීසිය සැකකරන අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Exit mobile version