Home දේශීය පුවත් අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද

0
අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය තෙවනවර කියැවීම පිළිබඳ ඡන්ද විමසීම අද(05) පස්වරු 5.00 ට සිදුකිරිමට නියමිතයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය මාර්තු 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට 73 වන අයවැය ලේඛණය මෙය වන අතර අයවැය යෝජනා පාර්ලිමේන්තු‍වට ඉදිරිපත් කිරිමෙන් පසුව අයවැය දෙවන වර කියැවිමේ විවාදය මාර්තු 06 වනදා ආරම්භ විය.

ඒ අනුව 2019 වසර සඳහා වන අයවැය පිළිබඳ දෙවනවර කියැවීමේ විවාදය පුරා දින හයක් පැවැත්වීමෙන් පසුව මාර්තු 12 වැනිදා‍ පස්වරුවේ ඡන්ද විමසීම සිදු කෙරිණ.

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 119 ක්ද විපක්ෂව ඡන්ද 76 ක්ද ලැබුණු අතර අයවැය සඳහා වැඩි ඡන්ද 43ක් හිමිවිය.

අයවැයෙන් එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති වැය ශීර්ෂ පිළිබඳ සාකච්ඡා කරන අයවැය පිළිබඳ තෙවන වර කියැවීම ‍හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය මාර්තු 13 වනදා සිට අප්‍රේල් පස්වැනිදා දක්වා පුරා දින 19ක් පැවැති අතර අයවැය තෙවනවර කියැවීමේ විවාදයෙන් පසුව අද පස්වරු 5.00 ට ඡන්ද විමසීම සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version