මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය හෙට ජනගත කරයි

අභිනවයෙන් ඉඳිකළ මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීම හෙට (08) සිදු කිරීමට නියමිතව ඇත.

දුම්රිය මාර්ගය  ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අතින් විවෘත කිරීමට නියමිතව ඇත.

“දකුණු ලකට අලුත් මඟක්” යන තේමාව යටතේ පැවැත්වෙන එහි ජාතික මහෝත්සවය එදින උදෑසන මාතර දුම්රිය ස්ථානයෙන් උදෑසන 8.30ට ආරම්භ වීමට නියමිතය.

එහිදී උදෑසන 9ට යෙදෙන සුබ මොහොතින් මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතය.

එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානය ළඟා වීමෙන් පසුව ජාතික මහෝත්සවය පෙරවරු 10.30ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ එළිමන් පරිශ්‍රයේ පැවැත්වෙන බව වාර්තා වෙයි.

Exit mobile version