පෙට්‍රල් අර්බුදය සඳහා පත් කළ අනුකමිටු වාර්තාව හෙට ජනපතිට

පසුගිය දිනවල ඇති වූ තෙල් අර්බුදය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ අනුකමිටු විමර්ශන වාර්තාව හෙට (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙන බව කමිටු සාමාජික, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, පාඨලී චම්පික රණවක හා අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල කමිටුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ අතර එම කමිටු වාර්තාව මේ වන විට සම්පූර්ණයෙන් ම සකස් කොට ඇත.
Exit mobile version