අවුරුදු සමයේ පොලීසිය සීරුවෙන්

අලුත් අවුරුදු සමයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා දිවයින පුරා රථ වාහන පොලිස් නිලධාරීන් 8000ක් යෙදවීමට තීරණය කර ඇතැයි රථ වාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ද මෙහිදී රාජකාරී සඳහා යෙදවීමට සැලසුම් කර ඇති බවත්, විශේෂයෙන් බස් රථ රියදුරන් සිදු කරන අපරික්ෂාකාරි ක්‍රියාවන් විමර්ෂණය සඳහා මෙසෙල සිවිල් නිලධාරින් යොදවන බවද වාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එමෙන්ම අප්‍රේල් මස 10දා සිට 20වනදා දක්වා දින 10ක කාලය තුළ සාපෙක්ෂව සෑම වසරකම රිය අනතුරුවලින් මිය යන සංඛ්‍යාව ඉතා අධික බවත් ඒ අනුව දිනකට 14 දෙනෙකු මිය යන බවත් 75කු තුවාල ලබන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version