ප්‍රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(10) සිදුකිරීමට නියමිතයි.

ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වනවිට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

ප්‍රවීණ සංගිතඥ එච්.එම්. ජයවර්ධන මහතා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(08) උදෑසන අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත ගායන ශිල්පීනි මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමිපුරුෂයා මෙන්ම ගායන ශිල්පී කසුන් කල්හාර මහතාගේ පියාණන් ද වෙයි.

එච්.එම්.ජයවර්ධන මහතා මිය යන විට 69 වන වියෙහි පසුවිය.

Exit mobile version