ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය කර තිබේ.
අදාළ නඩුව අද(09) කැඳවූ අවස්ථාවේදී නාලක ද සිල්වා මහතා ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.