Home දේශීය පුවත් බස් රථ සේවකයින් සංකේත වැඩ වර්ජනයක

බස් රථ සේවකයින් සංකේත වැඩ වර්ජනයක

0
බස් රථ සේවකයින් සංකේත වැඩ වර්ජනයක

ආණ්ඩුව විසින් හදුන්වා දී ඇති නව දඩ මුදල්වලට විරෝධය පල කරමින් පෞද්ගලික බස් රථ සේවකයින් ඊයේ(09) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක නිරත වෙයි.

මේ වන විට වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය පවසයි.

රථ වාහන වැරදි සම්බන්ධයෙන් ආණ්ඩුව පසුගියදා හඳුන්වා දුන් දඩ මුදල්වලට විරෝධය පළ කරමින් පුද්ගලික බස් රථ රියදුරන් ඇතුළු සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වෙමින් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.

මේ වන විට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් අද දිනයේ දී බස් රථයක් ධාවනය කරනවා නම්, එම රියදුරාට නිසැකයෙන්ම රුපියල් 25,000 ක දඩයක් ගෙවීමේ හැකියාව ඇති අයෙක් ලෙස සලකන බව ද ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක යු.කේ.කුමාරරත්න මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සෙසු වාහනත් මෙයට සම්බන්ධ වී ඇතැයි තොරතුරු වාර්තා වන බවයි.

කෙසේ වෙතත් අද උදෑසන කොළඹ සාමාන්‍ය පරිදි  බස්  ධාවනය වන ආකාරය දක්නට හැකිවිය.

මේ අතර දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් විසින්  ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

ඒ වෘත්තිය සමිති නියෝජිතයින් අමාත්‍යවරයා සමඟ ඊයේ පස්වරුවේ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version