11 වන ලෝක ආරක්ෂක සේවා ගෝල්ෆ් ශුරතාවලියේ සමාරම්භක උත්සවය අද

11 වන ලෝක ආරක්ෂක සේවා ගෝල්ෆ් ශුරතාවලියේ සමාරම්භක උත්සවය අද (13) ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය “ඊගල් ගෝල්ෆ් ලින්ක්ස්” ක්‍රීඩාංගනයේදී ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු ත්‍රිවිඩ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙම තරගාවලිය හෙට (14) සිට ලබන 17 දා  දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

“ක‍්‍රීඩාව තුළින් මිත‍්‍රත්වය” යන්න තේමා පාඨය කරගනිමින් 1948 වර්ෂයේදී රටවල් පහක සහභාගීත්වයෙන් ලෝක ආරක්ෂක සේවා ක‍්‍රීඩා කවුන්සිලය ආරම්භ කර ඇත. මේ වනවිට සාමාජික රටවල් 136 කින් ද සමන්විත වේ.

මින් පෙර ලෝක ආරක්ෂක සේවා ගෝල්ෆ් තරගාවලි දහයක් පවත්වා ඇත. මෙය ශ‍්‍රී ලංකාව තුළ පවත්වන ප‍්‍රථම ලෝක ආරක්ෂක සේවා තරගාවලිය ද වේ. ලෝක ආරක්ෂක සේවා ගෝල්ෆ් තරගාවලිය සඳහා දෙස් විදෙස් ක‍්‍රිඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී වීමට ද නියමිතව ඇත.

 

 

Exit mobile version