කොන්ගෝ ජන රජයේ දුම්රිය අනතුරක්

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කොන්ගෝ ජන රජයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

ලුවාලාබා පළාතේ බයෝව් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත. අනතුරට ලක්වූ දුම්රිය ගිනිගෙන තිබේ.

අනතුර වන විට දුම්රියේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබුණු අතර එය ලූබුම්බාෂි සිට ලූනා දක්වා ගමන් කරමින් තිබූ බවට වාර්තා වේ.

Exit mobile version