Home විදෙස් පුවත් ඉල්ලීම් ඉටුවන තුරු සුඩාන වැසියන් අඛණ්ඩව විරෝධතාවල

ඉල්ලීම් ඉටුවන තුරු සුඩාන වැසියන් අඛණ්ඩව විරෝධතාවල

0
ඉල්ලීම් ඉටුවන තුරු සුඩාන වැසියන් අඛණ්ඩව විරෝධතාවල

සිය ඉල්ලීම් ඉටුවන තුරු අඛණ්ඩව විරෝධතාවල නිරත වන බව සුඩාන වැසියන් පවසයි.

කාර්ටොම් අගනුවර පැවැත්වෙන විරෝධතා සඳහා දහස් ගණනක පිරිසක් එක්ව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

සුඩානයේ හමුදා පාලනයට එරෙහි ජනතා විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි.

විරෝධතාකරුවන් රාත්‍රිය පුරාවටද මහාමාර්ගවල රැඳී සිටි අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

සුඩාන ආරක්ෂක අමාත්‍යාංශය, ජනාධිපති මන්දිරය ඇතුළු ස්ථාන රැසක් ඉදිරිපිටදී මෙලෙස විරෝධතා පැවැත්වෙන බව සඳහන් වෙයි.

සිය ඉල්ලීම් ඉටු කරන තුරු මෙම සටන අත්නොහරින බව විරෝධතාකරුවන් පවසා සිටියි.

මෙම විරෝධතා හේතුවෙන් එරට ආර්ථිකයද දැඩි අර්බුදයකට මුහුණපා සිටින බව සඳහන් වෙයි.

මේ අතර පවතින පාලන තන්ත්‍රයේ වෙනසක් සිදු කරන බවටත් පාලක හමුදා කවුන්සිලය ප්‍රකාශ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version