Home දේශීය පුවත් ගෝඨාට එරෙහි නඩුව අමෙරිකාවේ දී විවෘත කරයි

ගෝඨාට එරෙහි නඩුව අමෙරිකාවේ දී විවෘත කරයි

0
ගෝඨාට එරෙහි නඩුව අමෙරිකාවේ දී විවෘත කරයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයක විනිසුරුවරයෙකු විසින් නඩුවක් විවෘත කර ඇති බව බී.බී.සී. ලෝක සේවය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අප්‍රේල් මස 04 වනදා ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වෙනුවෙන් යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සහ රාජපක්ෂ පාලනය විවේචනය කළ මාධ්‍යවේදීන් ක්‍රමානුකූලව වධ හිංසාවට ලක්කිරීම යන චෝදනා මෙහිදී ගොනු කර තිබේ.

කෙසේ වෙතත් අදාල චෝදනා සම්බන්ධයෙන් සති 3 ක් ඇතුලත පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සහ නඩුව ඉවත් කර ගැනීමට මෝසමක් ඉදිරිපත් කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට පවතින බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය පවසයි.

එලෙස පිළිතුරු ලබාදීමක් සිදු නොකරන්නේ නම් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් තොරව නඩු විභාගය සිදු කෙරෙනු ඇති.

කෙසේවෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේ මෙම නඩු පැවරීම දේශපාලන අවශ්‍යතා මත සිදුවූවක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version