සෑම අයෙකුගේම ප්‍රශංසාවට ලක් වෙන අයැවැයක් – ඇමැති මහින්ද අමරවීර

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති සහ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා අද (13) පාර්ලිමේන්තුවේ දී අයවැය 2018 දෙවැනිවර කියවීමේ විවාදයට එක් වෙමින් පැවසුවේ,

සෑම අයෙකුගේම ප්‍රශංසාවට ලක් වෙන අයැවැයක් මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කර තිබෙනවා. එතුමාට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. එක්සත් ජාති පක්ෂය ගැනත් හොඳ අවබෝධයක් එතුමාට තිබෙනවා. අද නාවිකකරණය ගැන කතාබහක් ඇතිව තිබෙනවා. එය සියයට සියයක් විදේශිකයින්ට විවෘත කර ඇති බව කියනවා. දේශිය කර්මාන්ත ධීවර ක්ෂේත්‍රය සඳහා විශාල මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. කුඹුරු වලින් සියයට 55යි වගා කරන්න හැකි වුණේ නියගයක් තිබුණා.

සහල් රටින් ගෙන්න වෙනවා එදා සහල් ගෙනත් කෝටි ගණන පාඩු වුණා. නියඟය නිසා කෘෂි මෙන්ම ධීවර ක්ෂේත්‍රයටත් හානි වුණා. ආපදා වලටත් අපි ලක් වුණා. මිලියන 30000 වැඩි ප්‍රමාණයක් සහනාධාර දෙන්න විතරක් ලබා දී තිබෙනවා. සෙවනගල සිද්ධිය අද පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තියක්. එයට අපිට එකග වෙන්න බැහැ. රජය සතුව තිබුන සෙවනගල හෝ වෙනත් සමාගමක් එක් පුද්ලයකුට දීමට බැහැ අණ පනත් වල මොනවා තිබුණත් ඒ වගේ ආයතන දීමට අපි එකග වෙන්නේ නැහැ. යුද්ධය වෙනුවෙන් කටයුතු කළ හමුදාව, ජනාධිපතිතුමා පාවාදෙන්නේ නැහැ. මිනි මරපු වෙනත් දේවල් කරපු අය ජනාධිපතිතුමා බේරන්නෙත් නැහැ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Exit mobile version