කුවේට්හි කරදර විඳි 26ක් දිවයිනට එයි

ගෘහ සේවය සඳහා ගොස් සිටියදී කුවේට් රටේ හාම්පුතුන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ කාන්තාවන් 26 දෙනෙකු අද(17) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එම නිවෙස් වලින් මෙසේ හිරිහැර, කරදර සිදුවීමෙන් පසු ඔවුන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබූ අතර, ඉන්පසු එහි ”සුරක්ෂා” රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසකි.

මොවුන් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පැමිණ තිබූ අතර, ඔවුන් මෙරටට පැමිණීම සඳහා ඔවුන්ගේ වියදමින් ගුවන් ටිකට් පත් මිලදී ගෙන තිබුණි.

මොවුන් අතුරින් 05 දෙනෙකු මෙසේ ඔවුන්ට අත්විදීමට සිදු වී තිබූ හිරිහැර, කරදර නිසාම රෝගාතුර වී සිටි අය වූහ.

Exit mobile version