පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 71ක් ජාතික විදුලිබල පද්ධතියට

පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 71ක ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බව විදුලිබල හා බල ශක්ති අමාත්‍යාංශය පවසයි.

එන් පවර් සමාගමේ සපුගස්කන්ද විදුලි බලගාරයෙන් මෙගාවොට් 51ක් සහ මාතර බලාගාරයෙන් මෙගාවොට් 20ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බවයි එම අමාත්‍යාංශය පැවසුවේය.

තවත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිළදී ගැනීම සඳහා වන ගිවිසුම් ඉදිරියේදි අත්සන් කිරීමට නියමිතව තිබේ.

ටෙන්ඩර් පටිපාටිය අනුව විදුලිය මිලදී ගැනීම සඳහා පෞද්ගලික විදුලි බලාගාර තෝරාගැනිමට නියමිතයි.

ඒ අනුව ඇග්‍රිකෝ වී පවර්, අල්ටාස් ඕල්ඩර් නේටිව් සමාගම් සමග ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවයි විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

Exit mobile version